රට වහාම ලොක්ඩවුන් කළ යුතුයි - පාර්ශව රැසක් කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
28

රට වහාම ලොක්ඩවුන් කළ යුතුයි - පාර්ශව රැසක් කියයි

රට වහාම ලොක්ඩවුන් කළ යුතුයි - පාර්ශව රැසක් කියයි

මේ වන විට කොරෝනා වෛරසය රට පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නිසා වහාම රට තුළ සංචරණ සීමා පැනවිය යුතු බව ශ්‍රී ලංකා සෞඛ්‍යය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසා සිටිනවා.

 

එමෙන්ම මේ වන විට ඇති වී තිබෙන තත්වයේ සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය භාර ගත යුතු බවත් ඔහු පවසනවා. මෙරට කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම අඩු බව රජය ප්‍රකාශ කළේ PCR පරීක්ෂණ කරන සංඛ්‍යාව අඩු කිරීමෙන් බවද ඔහු පවසා සිටියා.

 

එවන් පසුබිමක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ද මේ පිළිබඳව අදහස් පළ කර සිටියා.

 

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ කොරෝනා ආසාදිතයින් රට පුරා සීග්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් රට ලොක්ඩවුන් කිරීම හැර වෙනත් කිසිදු විකල්පයක් නොමැති බවයි.

 

එසේ නොකළහොත් ඉදිරියේ දී රට තුළ දැඩි අවදානම් තත්ත්වයක් ඇති වනු ඇති බව ඔහු පැවසුවා.

views

545 Views

Comments

arrow-up