මහින්ද, රනිල්, ගෝඨා ගංගාරාම පන්සලේදි එකට එකතු වෙයි

ඓතිහාසික හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥනීස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය.
ඊයේ (14) දිනට යෙදී ඇති හුණුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥානීස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැදැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය.
දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ගරු බුහුමනට ලක්වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායද කිරීම උදෙසා එය පුජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබිණි.
ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
214 Views
Comments