පෙම්වතිය පැහැරගෙන පළායමින් සිටි තරුණයාට මහ මගදී අත්වූ ඛේදනීය ඉරණම

ධර්මපුරම් වට්ටකච්චිය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් තරුණයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
පොලීසිය සඳහන් කළේ ටිපර් රථයක් රියදුරාට පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට ලිස්සා පෙරළී ඇළකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙම අනතුරෙන් බරපතළ තුවාල ලැබූ ටිපර් රථයේ ගමන් කළ තරුණයෙකු සහ කාන්තාවක් කිලිනොච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු තරුණයා ජීවිතක්‍ෂයට පත්ව තිබේ.
නාගේන්ද්‍රපුරම් ප්‍රදේශයේ 17 හැවිරිදි පදිංචිකරුවෙක් මෙම අනතුරෙින් මියගොස් ඇත.
තරුණයෙකු තවත් පිරිසක් සමඟ පැමිණ තම පෙම්වතිය පැහැරගෙන ටිපර් රථයකින් ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙන අතර අනතුරෙන් පසු ටිපර් රථයේ රියදුරු සහ තවත් කිහිපදෙනෙකු පළාගොස් ඇතැයි පොලීසිය පැවසීය.
ධර්මපුරම් පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
3402 Views
Comments