කොවිඩ් රෝගීන්ට දියවැඩියා රෝගයත් වැළඳීමේ අවදානමක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ පුද්ගලයන්ට දියවැඩියා රෝගයද වැළඳීමේ ද වැළඳීමේ ප්‍රවණතාවක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමින්ද ගරුසිංහ මහතා පවසයි.
ස්වාධීන රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා සඳහන් කළේ කොවිඩ් - 19 වෛරසය පමණක් නොව මින් පෙර පැතිර ගිය SARS සහ MERS වෛරස වලට ගොදුරු වීමට පෙර දියවැඩියාව නොතිබුණු පුද්ගලයන්ට වෛරසය ආසාදනය වීමෙන් පසුව දියවැඩියා රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබුණු බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යවරයා පැවසුවේ දියවැඩියා රෝගීන්ට අනෙක් පුද්ගලයන්ට සාපේක්ෂව කොවිඩ් වැළඳීමේ විශේෂ අවදානමක් නොමැති නමුත් අසාධ්‍ය තත්ත්වයට තත්වයට පත් වීමේ ප්‍රවණතාවය සාමාන්‍ය පුද්ගලයකු මෙන් තුන් හතර ගුණයකින් ඉහළ බවයි.
841 Views
Comments