අමාත්‍යාංශ විෂය පථය වෙනස් කරමින් ගැසට් නිවේදනයක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
17

අමාත්‍යාංශ විෂය පථය වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යාංශ විෂය පථය වෙනස් කරමින් ගැසට් නිවේදනයක්

ආරක්ෂක හා ආපදා කළමනාකරණ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ මෙන්ම ඉඩම් අමාත්‍යාංශයේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

 

එහි දැක්වෙන්නේ ඊයේ (16) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම විෂය පථයන් සංශෝධනය කර ඇති බවයි.

 

ඒ අනුව රාජ්‍ය ආරක්ෂක , හා ආපදා කළමනාකරණ, අමාත්‍යාංශයට යටතේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, රෙජ්ස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය හා අන්තරායකාරී ඖෂධ පාලක ජාතික මණ්ඩලය අයත් වේ.

 

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය යටතට සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගැසට් කර ති‌බේ. ඉඩම් අමාත්‍යාංශය යටතේ ගැසට් කර ඇති ආයතන සංඛ්‍යාව 7 කි.

 

ඒ අනුව, ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව, මැනුම් හා සිතියම්ගත කිරීමේ ආයතනය, ඉඩම් මැනුම් සභාව, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව හා ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව ඒ යටතේ ඉඩම් අමාත්‍යාංශය යටතට පවරා තිබේ

 

 

 

 

 

views

1193 Views

Comments

arrow-up