හිටපු ඇමැති විජයමුනි සොයිසා අත්අඩංගුවට

නීති විරෝධී ලෙස එකලස් කරන ලද ලොරි රථයක් ළඟ තබාගෙන සිටි බව කියන හිටපු අමාත්‍ය විජිත් විජයමුනි සොයිසා මහතා වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් මගින් ඊයේ (19) අත්අඩංගුවට ගෙන ඇත.
එකලස් කරන ලද ඉසුසු එල්ෆ් වර්ගයේ ලොරි රථයක් හපුතලේ මුතුවාන වත්තේ තිබෙන බවට වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරක් මත එම ලොරි රථය වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.
ලොරි රථය අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීම සඳහා විජිත් විජයමුනි සොයිසා මහතා මීට පෙර නීතිඥ මහත්වරුන් දෙදෙනකු සමග පැමිණ පොලිසියට ප්‍රකාශයක් දෙමින් සිටියදී සොයිසා මහතාට ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් නිසා ප්‍රකාශ ගැනීම තාවකාලිකව නතර කර තිබුණි.
එම ලොරි රථය සම්බන්ධයෙන් නැවත ප්‍රකාශයක් ගැනීම සඳහා ඊයේ (19) වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයට සොයිසා මහතා කැඳවා පැය 05ක් පමණ ප්‍රකාශ ලබාගැනීමෙන් පසු පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබිණි.
123 Views
Comments