සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කල වර්ජනය අත්හිටුවයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
05

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කල වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තීය සමිති ආරම්භ කල වර්ජනය අත්හිටුවයි

සෞඛ්‍ය වෘත්තිය සමිති කිහිපයක් අද(05) උදෑසන සිට ආරම්භ කර තිබූ වැඩ වර්ජනය අත්හැර දැමීමට තීරණයකර තිබේ.

 

අද උදෑසන 07 සිට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය ඇතුළුව තවත් වෘත්තිය සමිති කිහිපයක් මෙම වර්ජනය ආරම්භ කළ අතර එය පැය 4 කට ආසන්න කාලයක් වර්ජනය පැවැත්වුණි.

 

කෙසේවුවත් ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළ වෘත්තිය සංගම් වෙත සාකච්ඡා සටහන් නිකුත් කර ඇති බැවින් වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවීමට තීරණය කළ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසයි.

 

සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ ඇතිකර ගත් එකඟතාවයන්ට අදාළව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා නිකුත් කළ චක්‍රලේඛය සෞඛ්‍ය ක්ෂේත්‍රයට බල නොපාන බවට සෞඛ්‍ය බලධාරීන් විසින් ලිඛිතව ලබාදීමත් සමඟ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බවයි. 

views

738 Views

Comments

arrow-up