ගුවනින් කළුතර බන්ධනාගාරයට ආ ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය පාර්සලය අල්ලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

ගුවනින් කළුතර බන්ධනාගාරයට ආ ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය පාර්සලය අල්ලයි

ගුවනින් කළුතර බන්ධනාගාරයට ආ ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය පාර්සලය අල්ලයි

ඊයේ රාත්‍රියේදී කළුතර බන්ධනාගාරයට විසිකර ඇති ජංගම දුරකථන සහ මත්ද්‍රව්‍ය ඇතුළු පාර්සලයක් සොයාගෙන තිබෙනවා.

 

බන්ධනාගාර තාප්පයට ඉහළින් එව පාර්සලය විසි කරන අවස්ථාවේදී බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් විසින් එය ඔවුන් භාරයට ගෙන තිබෙනවා.

 

ජංගම දුරකථන තුනක්, දුම්කොළ හතරක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 5ක්, ඇතුළු තවත් මත්ද්‍රව්‍ය කිහිපයක් ද එහි තිබුණු බවයි වාර්තා වන්නේ.

 

බන්ධනාගාර දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

views

732 Views

Comments

arrow-up