ඉන්ධන නොමැතිව අපතේ යන වට්ටක්කා

ඉන්ධන නොමැති වීමෙන් තම වගාවන් වෙළෙඳ පොළට රැගෙන යාමට නොහැකිව අපහසුවට පත් වී සිටින වට්ටක්කා ගොවීන් පිරිසක් පිලිබඳ මහවිලච්චිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.
නිසි කලට වෙළඳපොළට රැගෙන යාමට නොහැකි වීමෙන් අස්වනු විනාශවීමේ අවදානමකට ද ලක්ව ඇති බවයි ගොවීන් පෙන්වා දෙන්නේ.
මේ දිනවල මහවිලච්චිය ප්‍රදේශයේ වට්ටක්කා වගාවන්වල අස්වනු නෙලීම ආරම්භ කර ඇති අතර කඩිනමින් එම අස්වනු ආරක්ෂිතව පාරිභෝගිකයා වෙත ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් සකස් කර දෙන ලෙස ගොවීන් ඉල්ලා සිටිනවා.
209 Views
Comments