පතල් කැනීම් කරුවන්ටත් විශ්‍රාම වැටුපක්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව ප්‍රාදේශීය උප කාර්‍යාලයක් ඇලහැර ලග්ගල ප්‍රදේශයේදී විවෘත කෙරිණි.
එය මැණික් කර්මාන්තකරුවන්ගේ පහසුව සදහා ඉදිකළ බවත් ඊයේ සිට සුබසාධක මණ්ඩලය හරහා මැණික් පතල් කම්කරුවන්ට විශ්‍රාම වැටුපක් ලබාදෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ තායිලන්තයේ සහ හොංකොංහි මෙරට මැණික් සම්පතෙන් ලබන ආදායමෙන් කොටසක් හෝ මෙරටට ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් සකස් කරන බවයි.
879 Views
Comments