ලක්ෂ 500ක කේරළ ගංජා සමඟ යුවලක් දැලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
22

ලක්ෂ 500ක කේරළ ගංජා සමඟ යුවලක් දැලේ

ලක්ෂ 500ක කේරළ ගංජා සමඟ යුවලක් දැලේ

රුපියල් කෝටි 05ක් පමණ වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450ක ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

කැලණිය හා ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදුකරන මහා පරිමාණ කේරල ගංජා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු අනාවරනය කරගෙන කුඩා ලොරි රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

 

එම සැකකරුගෙන් සිදුකල ප්‍රශ්නකිරීමේදී හෙළි කර ගත් තොරතුරු මෙම ජාවාරම සිදුකරණ සැකකාරියගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක පවසයි.

 

සැකකරු හා සැකකාරිය සන්තකයේ කේරල ගංජා පාර්සල් 200කට වැඩි ප්‍රමාණයක් තිබී ඇත.

views

592 Views

Comments

arrow-up