සිපේට්කෝ ඉන්ධන සැපයීම 50%ක් අඩු කරයි… දැවැන්ත ඉන්ධන හිගයක් රට පුරා..
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
10

සිපේට්කෝ ඉන්ධන සැපයීම 50%ක් අඩු කරයි… දැවැන්ත ඉන්ධන හිගයක් රට පුරා..

සිපේට්කෝ ඉන්ධන සැපයීම 50%ක් අඩු කරයි… දැවැන්ත ඉන්ධන හිගයක් රට පුරා..

මේ වන විට පෙට්‍රල් හා ඩීසල් හිඟය උග්‍රව තිබෙන බැවින් දෛනික ඉන්ධන සැපයුම සියයට පනහකින්ම කපා හැර ඇතැයි ලංකා ඛනිජ තෙල් සංස්ථාව කියා සිටී.


ඒ නිසා රටපුරා පිහිටි ඉන්ධනහල්වල සියයට පනහක් පමණ ඉන්ධන අවසන් වී තිබෙන බවට නැඟෙන චෝදනාව බැහැර කළ නොහැකි බවද තෙල් සැපයීම් භාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.


මෙරට පාරිභෝජනය සඳහා දිනකට පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 5000 ක් පමණ බෙදාහැරියත් මේ වන විට බෙදාහරිනු ලබන්නේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 2500 ක පමණ ප්‍රමාණයකි.

 

මෙරට දෛනික ඩීසල් පරිභෝජනය මෙටි්‍රක් ටොන් 6000 කට වැඩිය. නමුත් මේ වන විට දෛනිකව වෙළෙඳ පොළට නිකුත් කරන්නේ මෙටි්‍රක් ටොන් 3000 ක පමණ ප්‍රමාණයකි.

 

ඉකුත් මස 28 වැනිදා කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි්‍රක් ටොන් 37,500 කින් යුත් පෙට්‍රල් නෞකාව තවමත් ගොඩබා ගැනීමට නොහැකිවීම නිසා පෙට්‍රල් හිඟය මතුව ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙටි්‍රක් ටොන් 25,000 ක් පමණ තිබුණත් ඔක්ටේන් 95 පෙට්‍රල් කඳුලක්වත් සංස්ථාව සතුව නැතැයි හෙතෙම සඳහන් කළේය.

 

දැනට රට තුළ පවතින ඉන්ධන අවශ්‍යතාව හා සංචිත පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාද සිය ට්විටර් ගිණුමෙහි සටහනක් තබා තිබේ.

 

විදුලි බලාගාරවලට ඩීසල් ලබාදීමට සිදුවී තිබීම නිසා ප්‍රවාහන කටයුතු සඳහා දිනකට නිකුත් කරන්නේ ඔටෝ ඩීසල් මෙටි්‍රක් ටොන් 4000 ක් පමණකැයි එහි සඳහන් වේ. ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමද සීමාකර තිබෙන අතර ඒ අනුව දිනකට මෙටි්‍රක් ටොන් 2500 ක් පමණක් පිරවුම්හල්වලට යවන බවද ඇමැතිවරයා පවසයි.

views

606 Views

Comments

arrow-up