කොරෝනා බියක් නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
15

කොරෝනා බියක් නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි

කොරෝනා බියක් නිසා දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කරයි

දුම්රිය ධාවනාගාර සේවකයින් කිහිප දෙනකුට කොවිඩ් ආසාදනයවීම හේතුවෙන් අද(15) පස්වරුවේ ධාවනය කෙරෙන දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගු කල බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.

 

ධාවනය කරන දුම්රියද ඇතැම්විට ප්‍රමාද වී ධාවනය විය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

ආසාදිතයින් වාර්තා වූ ධාවනාගාරයේ සේවය කරන ආශ්‍රිතයින් හඳුනාගෙන ඔවුන් පී.සී.ආර් පරීක්‍ෂණ සඳහා යොමුකිරීමට මේ වන විට පියවර ගෙන තිබේ.

 

ආසාදිතයින් හමුවූ ධාවනාගාරය හැර සෙසු ධාවනාගාරවල සේවකයින් යොදවා දුම්රිය හැකි ප්‍රමාණයක් ධාවනය කිරීමට කටයුතු යෙදූ බවත් හෙට(16) දිනයේදී නියමිත දුම්රිය වාර 112 ම ධාවනය කරවීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බවත්  දුම්රිය සාමාන්‍යාධිකාරී පැවසුවේය.

views

778 Views

Comments

arrow-up