සතිපොළක වෙළෙඳුන් 23කට කොවිඩ්

ගාල්ල දිස්ත්‍රික්කයේ හිනිදුම, තවලම සතිපොලේ වෙළෙඳුන් 23 දෙනෙකු කොවිඩ් -19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.
පසුගිය 12 වනදා තවලම සතිපොළ වෙළඳුන් 83 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඒ අතරින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මේ අතර නෙළුව ප්‍රදේශයෙන් ආසාදිතයින් හඳුනාගැනීම හේතුවෙන් නෙළුව සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පිරිසක් අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
746 Views
Comments