JAN
18
රියදුරු හා කොන්දොස්තර හිඟයෙන් ශ්‍රී ලංගම බස් 800ක් නවතී

මේ වන විට ශ්‍රී ලංගම තුළ පවතින රියදුරු හා කොන්දොස්තර හිඟය හේතුවෙන් බස් රථ 800ක් පමණ ධාවනය කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතියි වාර්තාවේ.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (18) පාර්ලිමේන්තුවේ දී අදහස් පළ කරමින් මේ බව පවසා තිබුණි.
එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබුණේ කඩිනමින් රියැදුරන් සහ කොන්දොස්තරවරුන් කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීමට කටයුතු කරන බවයි.
185 Views
Comments