මසුන් අල්ලන්න මුහුදු ගිය ධීවරයාගේ මළ සිරුර මුහුදේ පාවෙයි

යාපනය වඩුක්කොඩ්ඩෙයි පොලිස් වසමේ තිරුවඩනිලෙයි මුහුදු තීරයේදී මසුන් ඇල්ලීමට ගොස් අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළ සිරුරක් මුහුදේ පාවෙමින් තිබියදී සොයාගත් බවට පොලීසිය පවසයි.
අදාල පුද්ගලයා පෙර දිනයේ රාත්‍රියේ තිරුවඩනිලෙයි මුහුදු තීරයෙන් මසුන් ඇල්ලීමට ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණීම හේතුවෙන් ප්‍රදේශවාසී ධීවරයින් විසින් එදින මුහුදු තීරය පරික්ෂා කර බැලීමේදී කිසිදු හෝඩුවාවක් ලැබී නොමැත.
පසුව ඒ පිළිබඳව නාවික හමුදාවට දැනුම් දී සිදුකරන ලද සෝදිසියකදී අතුරුදහන් වූ ධීවරයාගේ මළ සිරුර මුහුදේ පාවෙමින් තිබියදී නාවික හමුදාවට හමුවී ඇති අතර පසුව නාවික සෙබලුන් විසින් මළ සිරුර පවුලේ ඥාතීන්ට භාර දෙනු ලැබීය.
අදාල පුද්ගලයා මසුන් ඇල්ලීමට යාමේදී ධීවර යාත්‍රාවෙන් වැටී දියේ ගිලී ඇති බවට සැකපල කරන අතරම මළ සිරුර යාපනය ශික්ෂන රෝහලට රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු සිදුකිරීමට නියමිත බවටද පොලීසිය පැවසීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය සුලිපුරම් කට්ටුපුලම් ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි ඝනපති තවම් නැමති අයෙකු බවටද පරික්ෂණ සිදුකරන වඩුක්කොඩ්ඩෙයි පොලීසිය වැඩිදුරටත් පැවසයී.
218 Views
Comments