පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුටම බාරදුන් මනුස්සකම
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
04

පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුටම බාරදුන් මනුස්සකම

පාරෙදි අහුලාගත් ලක්ෂ පහ හමාර අයිතිකරුටම බාරදුන් මනුස්සකම

හක්මන තිස්සමහාරාම බස් රථයක කොන්දොස්තර සහ රියැදුරු මහත්වරුන් තිස්ස මහාරාම බස් බස්නැවතුම්පල ආසන්නයේදී මඟ වැටී සිටියදී අහුලාගත් රුපියල් ලක්ෂ පහමාරක් සහ ජංගම දුරකථනයක් එහි අයිතිකරු සොයා භාරදීමට කටයුතු කළ බව තිස්සමහාරාම පොලීසිය පැවසීය.

 

මෙලෙස මුදල් පසුම්බිය අහුලාගෙන ඇත්තේ තංගල්ල ඩිපෝවේ සේවය කරන ටී ජී බන්දුලසේන නැමැති බරවකුඹුක ප්‍රදේශයේ පදිංචි කොන්දොස්තර සහ එච්. එම්. කුලසිරි යන අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි අය විසින් බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

 

තිස්සමහාරාම හෝටලයක කළමනාකාරු බැංකුවක මෙම මුදල් තැන්පත් කිරීමට යතුරුපැදියෙන් රැගෙන යන අවස්ථාවේ මෙම මුදල් පසුම්බිය ජංගම දුරකතනය සමඟ වැටී ඇති බවට තිස්සමහාරාම පොලීසියට පැමිණිලි කර තිබේ.

 

පසුව එම ජංගම දුරකතනය සමඟ සම්බන්ධවී එම මුදල් පසුම්බිය තිස්සමහාරාම බස් නැවතුම්පොළ ආසන්නයේදී අහුලා ගත් බවත් බස් රථය මේ වනවිට තංගල්ල ප්‍රදේශයට ගමන් කරන බවත් තංගල්ල ඩීපෝවට පැමිණ මුදල පසුම්බිය භාරගන්නා ලෙසත් පවසා ඇත.

 

ඒ අනුව තිස්සමහාරාම පොලීසිය අයිතිකරු සමඟ තංගල්ලේ ඩිපෝවට ගොස් පැය තුනක පමණ කෙටි කාලයකින් මුදල් පසුම්බිය හිමිකරුට පොලිසිය ඉදිරියේ භාරදීමට කටයුතු කල බව තිස්සමහාරාම පොලීසිය සඳහන් කළේය.

views

279 Views

Comments

arrow-up