මංකොල්ලකෑවයි පෙන්නා නංගිගේ සල්ලි වලට විදින්න බ්ලේඩ් එකකින් ඇඟ කපාගත් අයියා මාට්ටු වුණු හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
12

මංකොල්ලකෑවයි පෙන්නා නංගිගේ සල්ලි වලට විදින්න බ්ලේඩ් එකකින් ඇඟ කපාගත් අයියා මාට්ටු වුණු හැටි

මංකොල්ලකෑවයි පෙන්නා නංගිගේ සල්ලි වලට විදින්න බ්ලේඩ් එකකින් ඇඟ කපාගත් අයියා මාට්ටු වුණු හැටි

කොල්ලකරුවන් තිදෙනකු විසින් තමන්ට පහරදී තුවාල සිදුකොට රුපියල් 1,86000ක මුදලක් කොල්ලකනු ලැබූ බවට පොලිසියට බොරු පැමිණිල්ලක් ඉදිරිපත් කළ දෙදරු පියෙකු 10දා අත්අඩංගුවට ගත් බැව් හිනිදුම පොලිසිය පවසයි.

 

අත්අඩංගුවට ගෙන ඇත්තේ හිනිදුම, ඇලඉහළ, ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදිවියේ පසුවන අයෙකි.

 

මොහු කොල්ලකරුවන් තුවාල කළ බව ඇඟවීම සඳහා තමන් විසින්ම බ්ලේඩ් තලයකින් උදරය හා උරහිස් දෙපස කපාගෙන තිබු අතර දින දෙකක් රෝහල්ගතව සිටි බවද පොලිසිය පවසයි.

 

සැකකරු ගැබිනියක් වන තම නැගණියගේ බැංකු ගිණුමේ තිබු රුපියල් 1,86000ක මුදල ලබා ගැනීම සඳහා ඇයත් සමග තවලම ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවට ත්‍රිරෝද රථයෙන් පැමිණ ඇත. නැගණිය විසින් බැංකුවෙන් මුදල් ලබාගෙන මොහුට දී තිබේ.

 

ඇය බස්රථයක නංවා පිටත්කොට මොහු ත්‍රිරෝද රථයෙන් ගොස් ඇත.

 

මොහු පොලිසියට පැමිණිලිකොට ඇත්තේ තමන් ත්‍රිරෝද රථයෙන් ගමන් කරමින් සිටියදී කොල්ලකරුවන් තිදෙනෙකු තමන්ට පහරදී තුවාල සිදුකොට රුපියල් 1,86000ක මුදල කොල්ලකාගෙන පලාගිය බවය. මොහු රෝහලෙන් නිදහස් වී පැමිණි පසු වැඩිදුර ප්‍රකාශයක් ගැනීම සඳහා පොලිසියට පැමිණෙන ලෙස දන්වා තිබුණි.

 

මොහුගේ උදරයේ දෙපස හා උරහිස් දෙපස ඇතිවී තිබූ තුවාල තමන් විසින්ම සිදුකරගෙන ඇති බව නිරීක්ෂණය වන බව රෝහලේ වෛද්‍යවරයා විසින් ද පොලිසියට දැනුම් දී තිබිණි.

 

සැකකරුගේ වැඩිදුර ප්‍රකාශනයේ දී පොලිසියට බොරු පැමිණිල්ලක් සිදුකොට ඇති බව අනාවරණය වී ඇත. සැකකරු විසින් උරහිස් හා උදරය කපාගත් බ්ලේඩ් තලයද ත්‍රිරෝද රථය තුළ තිබී සොයාගෙන ඇත.

 

කොල්ලකනු ලැබූ බව කියන මුදල් ද මොහු සතුව තිබී සොයාගත් බව පොලිසිය පවසයි. 

views

208 Views

Comments

arrow-up