අරගලය නිසා අපි ලැජ්ජ වුනා..- ආරක්ෂක ලේකම්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

අරගලය නිසා අපි ලැජ්ජ වුනා..- ආරක්ෂක ලේකම්

අරගලය නිසා අපි ලැජ්ජ වුනා..- ආරක්ෂක ලේකම්

 

ඉකුත් ජූලි 09 වනදා සිදුවූ සිද්ධීන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ දැඩි අපකීර්තියට පත්වූ බව ආරක්ෂක ලේකම් ජෙනරල්, කමල් ගුණරත්න පවසනවා. 

 

 

ජාතික ආරක්ෂාව, නීතිය සහ මාධ්‍ය වාර්තාකරණය පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවත්වෙන සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

 

 

පුරවැසියන් නීතිය අතට ගනිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ද ආරක්ෂක ලේකම්වරයා එහිදී අදහස් පළ කළා. ඔහු සඳහන් කළේ යම්කිසි පුද්ගලයෙකු හෝ මහජන නියෝජිතයෙකු නීතිවිරෝධී අයුරින් ධනය එක්රැස් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ආරක්ෂක අංශ කටයුතු කරනු ඇති බවයි.

views

178 Views

Comments

arrow-up