MAR
26
සීනි 1යි, හාල් 5යි, පරිප්පු නම් ග්‍රෑම් 500යි..! – සතොසින් සීමා

හාල්, සීනි, පරිප්පු යන ආහාර ද්‍රව්‍ය ලංකා සතොස හරහා මිලදී ගැනීමට හැකි සීමාවන් සඳහන් කරමින් එම ආයතනය විසින් විසින් චක්‍ර ලේඛයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සියලු තොග අංක යටතේ ඇති සම්බා සහල් මිලදී ගත හැකි උපරිමය කිලෝ 05කට සීමා වන අතර සියලු තොග අංක යටතේ ඇති නාඩු සහල් උපරිමය ද කිලෝ 05ක් වනවා.
රතු පරිප්පු මිලදී ගත හැකි උපරිමය ග්‍රෑම් 500ක් වන අතර සියලු තොග අංක යටතේ ඇති සුදු හෝ රතු සීනි උපරිමය කිලෝ 01කට සීමා වී සතොස හරහා මිලදී ගැනීමට අවස්ථාව හිමි වනවා.
652 Views
Comments