“කදිරා” අත්අඩංගුවට ගන්න ගිය පොලිසියට සැකකරුගේ මව පොල්ලකින් පහරදෙයි - පහර කෑ පොලීසියේ දෙකක් රෝහලේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
13

“කදිරා” අත්අඩංගුවට ගන්න ගිය පොලිසියට සැකකරුගේ මව පොල්ලකින් පහරදෙයි - පහර කෑ පොලීසියේ දෙකක් රෝහලේ

“කදිරා” අත්අඩංගුවට ගන්න ගිය පොලිසියට සැකකරුගේ මව පොල්ලකින් පහරදෙයි - පහර කෑ පොලීසියේ දෙකක් රෝහලේ

ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලේගොඩ මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන “කදිරා” නැමැත්තා අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට සැකකරුගේ මව විසින් විසින් පොලූ පහර කිහිපයක් එල්ල කිරීමෙන් පොලිසීයේ දෙදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකොට තිබේ.


ඇහැලියගොඩ අවට මත්කුඩු ජාවාරමේ යෙදෙන බව කියන කදිරා නැමැත්තා එම වැටලීමේ දී අත්අඩංගුවට ගෙන සිටියදී පලා යෑමට පොර බැදූ බවත් එක් කොස්තාපල්වරයෙකු සැකකරු අල්ලා ගෙන සිටියදී සැකකරුගේ මව පොල්ලක් රැගෙනවිත් සැකකරු අල්ලා ගෙන සිටි කොස්තාපල්වරයාගේ හිසට පහර දී ඇති බවත් වාර්තාවේ. 

 

එම පහරදීමෙන් පසු සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලා යද්දී වෙනත් කොස්තාපල්වරයෙකු විසින් ඔහුව අල්ලා ගෙන තිබේ. 

 

සැකකරුගේ මව එම නිලධාරියාගේ හිසටද පහර දී තිබේ. කණ්ඩායමේ අනෙකුත් නිලධාරීන් විසින් සැකකරු සමඟ හෙරොයින් මි.ග‍්‍රෑම් 4100ක ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

 

 තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඇහැලියගොඩ මූලික රෝහල වෙත ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් නිලධාරියක් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත යොමු කර තිබේ. 

 


පහරකෑමට ලක්වූ අනෙක් කොස්තාපල්වරයා ඇහැලියගොඩ මුලික රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබයි. 

 

මේ අතර පොලිස් නිලධාරීන්ට පහර දුන් සැකකරුගේ මව ද රත්නපුර මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව වාර්තාවේ.

 

 ඇහැලියගොඩ පොලිසියේ අපරාධ අංශයේ උ.පො.ප. සුරේශ් මහතා ප‍්‍රධාන කණ්ඩායමක් මෙම වැටලීම සිදුකර තිබේ.

 

පොලිස් කොස්තාපල් (89896) විජේකෝන් රත්නපුර මහ රෝහලේද පොලිස් කොස්තාපල් (96209)  මතිලාල් ඇහැලියගොඩ මූලික රෝහලේ ද ප‍්‍රතිකාර ලබන බව පොලිසිය පවසයි.

views

969 Views

Comments

arrow-up