රන්ජන් සිරකුටියක තනි කරයි

සජිත් ප්‍රේමදාස මහත්මයා රන්ජන් රාමනායක මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයෙන් පසුව වහාම රංජන් රාමනායක මහතා තනි සිරකුටියක රඳවා තැබීමට කටයුතු කළ බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පවසනවා.
ඊයේ (24) බූස්ස අධි ආරක්ෂක බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
බූස්ස බන්ධනාගාරය දැනට අධි ආරක්ෂක කුටි 32 ක් විශේෂිත ගණයේ අපරාධකරුවන් රඳවා තැබීමට තිබෙන බවත් තව මාස දෙකකින් මෙම සංඛ්‍යාව දෙගුණ කර දිවයිනේ සියලුම විශේෂිත ගණයේ අපරාධකරුවන් මෙම බන්ධනාගාරයේ රඳවා තැබීමට අවශ්‍ය පියවර ගැනීමට සැලසුම් කර තිබෙනබවත් රාජ්‍ය ඇමැතිවරයා කීය.
548 Views
Comments