ලෙබනනයේ රාජකාරි නිම කළ හමුදා කණ්ඩායමක් යළි පැමිණේ

ශ්‍රී ලංකා යුද හමුදා 13 වන මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම (SLFPC) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායේ (UNIFIL) රාජකාරී නිමාවෙන් පසුව අද (01) දිවයිනට පැමිණ තිබේ.
දිවයිනට පැමිණි 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත ශ්‍රී ලංකා පාබල හමුදාවේ මධ්‍යස්ථාන සේනාවිධායක, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක, නිලධාරීන් සහ ඥාතීන් පැමිණ සිට තිබේ.
නිලධාරීන් 10 දෙනෙකු සහ සෙසු නිලයන් 115 ක් ඇතුළත් යුද්ධ හමුදාවේ 13 වැනි මූලස්ථාන ආරක්‍ෂක භට කණ්ඩායම 2022 පෙබරවාරි 27වැනිදා ලෙබනනය බලා පිටත්ව යනු ලැබීය.
173 Views
Comments