බැසිල් රටින් යයි

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇමරිකාව බලා පිටත්ව යෑමේ අරමුණින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණ තිබෙනවා.
ඔහු අද(09) සවස 5:20ට කටුනායක සිට ඩුබායි බලා පිටත් වන ගුවන් යානයකින් ඩුබායි බලා ගොස් එතනින් ඇමරිකාවට යාමට නියමිත බවයි වාර්තා වන්නේ.
Transparency international ආයතනය අධිකරණය ඉදිරියේ ගොනු කළ නඩුවක් හේතුවෙන් බැසිල් රාජපක්ෂ මහතාට විදෙස් ගමන් තහනමක් පැනවූ අතර පසුගිය දා අධිකරණය විසින් එම ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරනු ලැබුවා.
ඒ අනුව ලබන ජනවාරි නව වැනිදා දක්වා ඔහුට විදෙස් ගමන් සඳහා අවසර හිමි වන බවයි වාර්තා වන්නේ.
210 Views
Comments