වැටුනු ක්‍රිකට් ගොඩගන්න නාමල් කරට ගනී - අර්ජුනත් හවුල් වේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
16

වැටුනු ක්‍රිකට් ගොඩගන්න නාමල් කරට ගනී - අර්ජුනත් හවුල් වේ

වැටුනු ක්‍රිකට් ගොඩගන්න නාමල් කරට ගනී - අර්ජුනත් හවුල් වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දීර්ඝකාලීන පසුබෑම හේතුකොටගෙන මේ සඳහා නිශ්චිත දීර්ඝකාලීන , කෙටිකාලීන වැදගත් තීරණ ගැනීමට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටයතු කරයි.

 

පසුගියදා ගුවන්තොටුපල පරීශ්‍රයේ මූ වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ වැටුණු ක්‍රිකට් ගොඩගැනීමට හිටපු නායකයින් ද සම්බන්ධ කරගනිමින් නිසි වැඩ පිළිවෙළක් සකස් කරන බවයි.

 

” ඉදිරි කාලසීමාව තුළදී අර්ජුන රණතුංග මහතා ඇතුළු සියලුම නායකයන් සමගින් සාකච්ඡා කරලා ඔවුන්ගේ අදහස් ලබාගැනීමට මම සූදානමින් සිටිනවා. විශේෂයෙන්ම ක්‍රිකට් ග්‍රාමීය මට්ටමෙන් හා පාසල් මට්ටමින් දියුණු කරන්නේ කොහොමද කියලා ඔවුන්ගේ අවධානය ඒකට යොමු කරන්න මම බලාපොරොත්තු වන වා.ඒ වගේම ක්‍රිකට් පාලක මණ්ඩලයත් , තේරීම් කාරක සභාවත් ජනාධිපතිවරයා සමගින් සාකච්ඡා කරලා ඉදිරි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. අපට හොද සැලසුමක් තියෙනවා. එම සැලසුමට අනුව ඉදිරියේදී ජයග්‍රහණ වලට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා” යනුවෙන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩි දුරටත් සදහන් කර සිටියයා.

views

907 Views

Comments

arrow-up