ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අත්සන් තැබූ ගිවිසුම් 05 මෙන්න

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි ඉම්රාන් ඛාන් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අතර හමුවෙන් පසු දෙරටටම වැදගත් වන ගිවිසුම් පහකට ඊයේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තබා තිබෙනවා.
ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර අත්සන් තැබූ දී පාර්ශ්වික ගිවිසුම් 5 පහතින්...
1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්තානය හා ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම.
2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
3. ශ්‍රී ලංකා කාර්මික තාක්ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව.
5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
698 Views
Comments