බෞද්ධයා රූපවාහිනී නාලිකාව ඩිජිටල් වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහීනි සේවාව වන බෞද්ධයා නාලිකාව ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම සිදු කෙරුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
ශ්‍රී සම්බෝධි විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ධාතු මන්දිරය වැද පුදා ගත්තා.
බෞද්ධයා මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය බොරලන්දේ වජිරඥාන ස්වාමීන් වහන්සේයි ආගමික වතාවත් සිදුකළේ.
මෙතෙක් ඇනලොග් තාක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ බෞද්ධයා නාලිකාව ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමයි මෙහිදී සිදුවුණේ.
ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කරමින් මහා ඖෂධ පූජාවක් ද මීට සමගාමීව සංවිධාන කර තිබුණා. විහාරස්ථානයේ සංවර්ධන කටයුතු පිළිබඳ පැවති සාකච්ඡාවට ද ජනාධිපතිතුමා එක්වුණා.
දහම් පාසලේ දක්ෂතා පෙන්නුම් කළ සිසුන්ට තිළිණ ප්‍රදානය කිරීමේ උත්සවයක් ද පැවැත්වුණේ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්.
1505 Views
Comments