ඉන්දීය ධීවරයින්ට වෙඩිවැදීමේ සිද්ධිය ගැන නාවික හමුදාවෙන් පැහැදිලි කිරිමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
29

ඉන්දීය ධීවරයින්ට වෙඩිවැදීමේ සිද්ධිය ගැන නාවික හමුදාවෙන් පැහැදිලි කිරිමක්

ඉන්දීය ධීවරයින්ට වෙඩිවැදීමේ සිද්ධිය ගැන නාවික හමුදාවෙන් පැහැදිලි කිරිමක්

කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ නීතිවිරෝධීව ධීවර කටයුතුවල නිරතව සිටියදී නාවික හමුදා භාරයට ගැනීමේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකුට වෙඩිවැදී ඇත්තේ අනපේක්ෂිත ලෙස ගිනිඅවිය ක්‍රියාත්මකවීමෙන් බව නාවික හමුදාව අද (29) තහවුරු කළේය.

 

ඒ සම්බන්ධයෙන් සිදුකළ මූලික විමර්ශනයකින් අනතුරුව මේ බව අනාවරණය වූ බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පැවසීය.

 

මේ අතර නාවික හමුදා භාරයට ගැනුණු අදාළ ඉන්දීය ධීවරයින් 13 දෙනා මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

 

කන්කසන්තුරෙයි මුහුදු සීමාවේ ඉන්දීය ධීවරයින් පිරිසක් නීතිවිරෝධී ධීවර කටයුතුවල යෙදෙන බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා නාවික හමුදා කණ්ඩායමක් පියවර ගත්තේ පසුගිය සදුදා (27) රාත්‍රීයේ දී ය.

views

126 Views

Comments

arrow-up