ඉන්ධන ගන්න පිරවුම්හලට යද්දී ගණකාධිකාරිවරිය වෑන් රියේ හැපී අවසන් ගමන් යයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

ඉන්ධන ගන්න පිරවුම්හලට යද්දී ගණකාධිකාරිවරිය වෑන් රියේ හැපී අවසන් ගමන් යයි

ඉන්ධන ගන්න පිරවුම්හලට යද්දී ගණකාධිකාරිවරිය වෑන් රියේ හැපී අවසන් ගමන් යයි

ඉන්ධන ලබා ගැනීම සඳහා යමින් සිටියදී යාපනය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ගණකාධිකාරිවරිය ඇය පැදවූ යතුරුපැදිය වෑන් රථයක ගැටීමෙන් ඉකුත් 16වනදා ජීවිතක්ෂයට පත්ව ඇත.

 

මෙලෙස මියගොස් තිබෙන්නේ හතළිස් හත් හැවිරිදි කලමති සෝලමතුරෙයි නමැති නිලධාරිනිය වන අතර ඇය යාපනයේ අරියාලෙයි ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් වෙත යමින් සිටියදී යතුරු පැදිය වෑන් රථයක ගැටීමෙන් ජීවිතක්‍ෂයට පත්ව තිබේ.

 

යාපනය පොලීසිය එම වාහනයේ සැකකරු අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී ඔහු බීමත්ව සිටි බවත් මාර්ගයේ ආලෝක සංඥා නොතකා ඔහු වෑන් රථය ධාවනය කරවීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවටත් තොරතුරු ලැබී ඇත. 

 

යාපනය පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

views

243 Views

Comments

arrow-up