SI ප්‍රවාහනය කරද්දී හසුවූ මත්ද්‍රව්‍ය තොගයේ තවත් කොටසක් සොයාගනී

කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් පානදුර පිංවත්ත ප්‍රදේශයේ ඊයේ (06)සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 750ක් සමඟ 43 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එම හෙරෝයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 75කට ආසන්න බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී සලිදු නැමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයෙකු බවට අනාවරණය වී තිබෙන අතර සැකකරුව දින 7ක කාලයක් රඳවාගෙන වැඩිදුර ප්‍රශ්න කිරීමට නියමිතයි.
මීට පෙර උප පොලිස් පරීක්ෂකවරයෙකු විසින් මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කිරීමේදී අත්අඩංගුවට ගැණුනු අතර මෙම මත්ද්‍රව්‍ය තොගය ද ඊට සම්බන්ධ මත්ද්‍රව්‍ය තොගයක් බවට පොලීසිය හෙළිකරගෙන ඇත.
775 Views
Comments