කාට කැමති උනත්, කාට අකමැති උනත් රාජපක්ෂලාට ගහන්ඩ අපේ පක්ෂ ඉඩ නෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු (VIDEO)
For Sri Lankan's Overseas
Latest_News
calendar
FEB
13

කාට කැමති උනත්, කාට අකමැති උනත් රාජපක්ෂලාට ගහන්ඩ අපේ පක්ෂ ඉඩ නෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු (VIDEO)

කාට කැමති උනත්, කාට අකමැති උනත් රාජපක්ෂලාට ගහන්ඩ අපේ පක්ෂ ඉඩ නෑ - ජොන්ස්ටන් ප්‍රනාන්දු (VIDEO)

කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පක්ෂ ඉඩ නෑ කියන එක මත තබා ගත යුතු බව අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

 

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කියා සිටියේ, “කී දෙනෙක් හිරේ දැම්මා ද.? විමල් වීරවංශව හිරේ දැම්මා.. උදය ගම්මන්පිල ව හිරේ දැම්මා…ඒවා අපි කවදාවත් අමතක කරන්න හොඳ නැහැ . ඒ අයටත් මම කියනවා මේවා කවදාවත් වත් අමතක කරන්න එපා කියලා. පරිස්සමින් අපි මේ ආණ්ඩුව කරගෙන යමු. ඕනාවට වැඩියෙන් දුවන්න ගිහිල්ලා මේ ආණ්ඩුව විනාශ කර ගන්නේ නැතුව . මතක තියාගන්න හතුර හතුරාමයි. කැලේ මාරු වුණාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඒවා අපි කවුරු කවුරුත් මතක තියා ගන්න ඕනා. හැමදේම මාධ්‍ය ඉදිරියේ කයිය ගහලා කිසිම කෙනෙක් අනාගතය විනාශ කර ගන්න හොඳ නැහැ. ඒක තමයි විය යුත්තේ. ඒක තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ . ඒක මේ හැම කෙනෙක්ම මතකේ තියාගන්න ඕනා. කිසිම රාජපක්ෂ කෙනෙකුට ගහන්ඩ අපේ පක්ෂ ඉඩ නෑ කියන එක මතක තියාගන්න ඕනා. අයියට පංගුවක් කැමතියි. මල්ලිට අකමැතියි.මල්ලිට කැමති අය අයියට අකමැති. මේ පවුලක් කඩන්න හදන්නේ. මේක මොන විහිලුවක් ද.? ජාත්‍යන්තරයටත් ඕනෙත් ඒක. ප්‍රේමදාසට ඕනෙත් ඒක. දිසානායකට ඕනෙත් ඒක. සුමන්දිරන්ලටත් ඕනේ ඒක. කොටියට ඕනෙත් ඒක. මේක කරන්න ඉඩ දෙන්න බැහැ. ඒව නොදැන දේශපාලනය කරන්නත් අපි හොද නැහැ” ලෙස මෙහිදී අමාත්‍යවරයා පැවසීය.

 

 

views

674 Views

Comments

arrow-up