අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න - කාලගුණයෙන් දැනුම්දීමක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
DEC
08

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න - කාලගුණයෙන් දැනුම්දීමක්

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න - කාලගුණයෙන් දැනුම්දීමක්

නැගෙනහිර පළාතේත් යාපනය, මුලතිව්, කිලිනොච්චි, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක වලත් වැසිවාර කිහිපයක් ඇති වේ.

 

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි සාමාන්‍යයෙන් තද වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල වැසිවාර කිහිපයක් ඇති වේ .

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි ඇතිවිය හැක.

 

මන්නාරම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං නැගෙනහිර දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-35) පමණ වේ. දිවයින වටා වනසෙසු මුහුදු ප්‍රදේශවල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (20-30) පමණ වේ.

 

කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ මඳ වශයෙන් රළු වන අතර දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ සාමාන්‍ය ස්වභාවයේ පවතී.

 

 

 

 

views

589 Views

Comments

arrow-up