අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්
For Sri Lankan's Overseas
Latest_News
calendar
NOV
08

අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

අද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

බස්නාහිර හා නැගෙනහිර පළාත්වල අධි අවදානම් ලෙස  තෝරාගත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59ක් ඉලක්ක කර ගනිමින් අද සිට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක වනවා.

 

ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වැඩබලන අධ්‍යක්ෂ සුදත් සමරවීර මහතා සඳහන් කළේ ඩෙංගු වාහක මදුරුවන් සහ මදුරු කීටයන් පිළිබඳව කරන ලද සමීක්ෂණයකට අනුව ඔවුන් බෝවන ස්ථාන වල වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බවයි.

 

මේ හේතුවෙන් ඉදිරියේදී ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බවයි එම ඒකකය සඳහන් කරන්නේ.

 

නොවැම්බර් 4 වනදා වන විට මෙරටින් හඳුනාගෙන තිබෙන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 22,902කි.

views

761 Views

Comments

arrow-up