විශේෂ වාහන සඳහා බදු අය කිරීමේ ක්‍රමවේදය සංශෝධනය කෙරේ

විදේශයන්ගෙන් සිට මෙරටට ආනයනය කරන විශේෂ කාර්ය වාහන සඳහා රජය විසින් අය කරන බදු ඉදිරියේදී සංශෝධනය කරන බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.
බදු සහන ලබා දී ඇති මෙම විශේෂ කාර්ය රථවාහන මෙරටට ගෙන්වීමෙන් පසු ඒවායේ හිමිකරුවන් ඒවා සාමාන්‍ය වාහන ලෙස භාවිතා කිරීම හේතුවෙන් රජයට විශාල බදු මුදලක් අහිමි වන බව එම අමාත්‍යාංශයේ ලේකම් එස්.ආර්. ආටිගල මහතා පවසයි.
ඔහු වැඩිදුරටත් සදහන් කළේ ඉකුත් වසරේ පමණක් අධි ශීතකරණ සහිත ලොරි රථ 947ක් පමණ මෙරටට ආනයනය කර ඇතත් පසුව හිමිකරුවන් ඒවායේ ශීතකරණ ඉවත් කර සාමාන්‍ය ලොරි රථ ලෙස භාවිතා කරන බවට තමන්ට තොරතුරු ලැබී ඇති බවයි.
ඊයේ පාර්ලිමේන්තුවේ පැවති මුදල් පිළිබඳ කාර්ය සභාවට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඉදිරියේ දී නව ක්‍රමවේදයක් භාවිතයෙන් මෙම බදු මුදල් අය කර ගැනීමට පියවර ගන්නා බවයි.
972 Views
Comments