කරාපිටිය රෝහලෙන් රැඳවියෙකු පැන යයි

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියෙකු අද අළුයම පලා ගොස් ඇති බව පොලිසිය පවසනවා.
පසුගිය දිනකදී බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියන් ගේ සේවා කටයුතුවල යොදවා සිටි මෙම රැඳවියා සිර මැදිරියක ගෙල වැල ලා ගෙන සිටියදී ඉන් බේරා ගෙන කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ 25 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අත්‍යවශ්‍ය කටයුතු සඳහා වැසිකිලියට යන බව පවසමින් පලාගොස් ඇති බවයි වාර්තා වන්නේ. ප
ලා ගිය රැඳවියා සොයා බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ ගාල්ල පොලිසිය මෙහෙයුම් දියත් කර තිබෙනවා.
727 Views
Comments