පාස්කු ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන බවට සජිත් පුන පුනා කියයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAR
01

පාස්කු ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන බවට සජිත් පුන පුනා කියයි

පාස්කු ඝාතකයන්ට දැඩි දඩුවම් දෙන බවට සජිත් පුන පුනා කියයි

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන බව පැවසුවත් මෙතෙක් පැවති රජයන් බලයට පත් වූ දින සිටම කළේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දේ යටගැසීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

 

සමගි ජන බලවේග රජයක් යටතේ දේශීය මෙන්ම විදේශීය දක්ෂතම ආරක්ෂක ආයතන සම්බන්ධ කර ගනිමින් පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලුම දෙනා නීතිය හමුවට පමුණුවා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව පැවසූ ඔහු අවධාරණය කළේ ඉදිරියේදී  කුමන ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කරන අයට වුවත් අනිවාර්යෙන් මරණිය දණ්ඩනය ලබා දීමට අවශ්‍ය නීති සම්මත කරගන්නා බවයි.

 

තම රජයක් තුළ සිංගප්පූරුවට හා සමාන නිති රීති ගෙනවිත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගෙන් 43 ලක්ෂයක් මේ රටේ පාසල් දූ දරුවන් ආරක්ෂා කිරීමට කටයුතු කරන බවත් ඔහු පවසයි.

 

වත්තල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටී.

 

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට ගෙන එන වැඩපිළිවෙළ ශක්තිමත් කිරිමට දේශීය ආරක්ෂක අංශ පමණක් නොව ස්කොට්ලන්ඩ් යාඩ් ආයතනය, ඇමරිකාවේ එෆ්බීඅයි ආයතනය  වැනි ජාත්‍යන්තරව ආයතන සම්බන්ධ කර ගනිමින් එයට මුල් වූ සියලුම දෙනා නීතියට හමුවට පමුණවන බවත්,  රජයක් ලෙස හොරකම, දූෂණය අල්ලස වංචාව තුරන් කිරීමට ස්ථාවර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් තම රජය තුළ හොරුන්ට ඉඩක් නොමැති බවත් පැවසූ ඔහු රටට අහිමි වූ දේපල යලි ගෙන ඒමේ පනතක් සහ කළමනාකරණ අධිකාරියක් ඇති කරන බවත්, ඉන්ටර්පෝල් ඇතුළු ලෝකයේ ආරක්ෂක ආයතන සමග සම්බන්ධ වී හොරුන් මෙන්ම ඔවුන් හොරාකාපු සම්පත් යලි ලබා ගැනීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කරයි.

 

එමෙන්ම රටේ ලක්ෂ 220ක් සියලු දෙනා එකට එක්තු කරගනිමින්  රට ගොඩ නගන මහා ජාතික විප්ලවයකට රට ගෙනයන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

views

172 Views

Comments

arrow-up