රනිල්ගේ අරගල කතාවට සජිත්ගෙන් පිළිතුරක්

පාරට බැසීමට මේ රටේ ජනතාව කාගෙන්වත් අවසර ගත යුතු නැති බවත් "පොර ටෝක්" දීලා ජනතාවගේ අයිතිවාසිකම් විනාශ කිරීමට කිසිවකුටත් අයිතියක් නැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (24) පැවසීය.
රටේ පොදු ජන අරගලය සාධාරණ බව පැවසූ විපක්ෂනායකවරයා සැබෑ අරගලය පටලවා නොගන්නැයි නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා අරගලය සම්බන්ධයෙන් පොට පටලවාගෙන සිටින බවත් තමා සැබෑ අරගල කරුවන් සමග සිට ගෙන ඔවුන් සමග ඔවුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් පාරට බසින බවත් ඔහු කීවේය.
විපක්ෂ නායකවරයා මෙසේ පැවසූවේ ආරක්ෂක මහජන ආරක්ෂක සහ තාක්ෂණ යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ අයවැය කාරක කාරකසභා අවස්ථා විවාදයේදීය.
186 Views
Comments