ජල පෝෂක ප්‍රදේශ ඇතුළුව රටපුරා මහ වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
APR
10

ජල පෝෂක ප්‍රදේශ ඇතුළුව රටපුරා මහ වැසි

ජල පෝෂක ප්‍රදේශ ඇතුළුව රටපුරා මහ වැසි

රටපුරා අද පස්වරුවේද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.


ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි අපේක්‍ෂා කළ හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ප්‍රිතිකා ජයකොඩි පැවසුවේ.


ඇදහැලෙන අධික වැසි හේතුවෙන් දැදුරුඔය ඇතුළු ජලාශ කිහිපයකම වාන් දොරටු විවෘත කර ඇති බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පැවසුවේ.


මේ අතර මාවුස්සාකැලේ සහ කාසල්රි ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ රාත්‍රියේ සිට තද වැසි ඇදහැලෙමින් තිබෙනවා. මස්කෙළිය, නල්ලතන්නිය, අප්කට් සහ සාමිමලේ යන ප්‍රදේශවලට එලෙස වර්ෂාව ඇදහැලෙන බව වාර්තා වේ.


මේ අතර කාසල්රී ජල පෝෂක ප්‍රදේශ වන හැටන්, නෝර්වුඩ් සහ බගවන්තලාව යන ප්‍රදේශවලට ද ඊයේ පස්වරුවේ සිට අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් ඇතැයි වාර්තාකරු සඳහන් කළා.

views

623 Views

Comments

arrow-up