මනම්පිටියේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට - තුනකට බරපතලයි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
29

මනම්පිටියේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට - තුනකට බරපතලයි

මනම්පිටියේ අනතුරකින් කාන්තාවන් දෙදෙනෙක් මරුට - තුනකට බරපතලයි

පොලොන්නරුව - මනම්පිටිය මාර්ගයේ අද අලු‍යම යුද හමුදා බස් රථයක් හා ජිප් රථයක් මුහුණට මුහුණ ගැටී සිදුවූ අනතුරින් කාන්තාවන් දෙදෙනක් මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි.

 

මෙසේ මියගොස් ඇත්තේ පිරිසිදු කිරීමේ ආයතනයක සේවයකරන සේවිකාවන් දෙදෙනෙකි.

 

පොලොන්නරුව රෝහලට කම්කරු සේවිකාවන් රැගෙන ගිය කුඩා ජිප් රථයක් සහ පොලොන්නරුවේ සිට මනම්පිටියේ නිරෝධායන කඳවුරකට කොරෝනා ආසාදිතයන් රැගෙන යමින් සිටි යුද හමුදා බස් රථයක් මෙසේ අනතුරට ලක්වි තිබේ.

 

තුවාල ලැබූ කාන්තාවන් තිදෙනාගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි. 

 

අනතුර සිදුවන අවස්ථාවේ ජිප් රථයෙන් 13 දෙනකු ගමන් කර ඇත.

views

4155 Views

Comments

arrow-up