විදුලි කප්පාදුව ගැන නවතම නිවේදනය මෙන්න

අද(11) දිනයේ කිසිදු ප්‍රදේශයක විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.
කෙසේ වුවත් ඉදිරියේදී අවශ්‍යතාවයක් ඇති වුවහොත් විදුලි කප්පාදුවක් කිරීම සඳහා වන කාලසටහනක් ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඊයේ(10) නිකුත් කර තිබුණි.
ඒ අනුව ඒ,බී,සී,ඩී වශයෙන් දිවයිනේ ප්‍රදේශ කලාප හතරකට බෙදා ඇති අතර පස්වරු 5.30 සිට රාත්‍රී 9.30 දක්වා අතර කාලය තුළ පැයක් වශයෙන් එම ප්‍රදේශවල අවශ්‍ය වුවහොත් විදුලිය කප්පාදු කිරීමට නියමිතව තිබේ.
සඳුදා සිට සෙනසුරාදා දක්වා මෙම කප්පාදුව සිදුකිරීමට සූදානම් වන නමුත් ඉරිදා එම කාලසටහනට ඇතුළත් කර නොමැත.
විදුලි ඉල්ලුම කළමණාකරණය කිරීම සඳහා පියවර ගැනීමට අවශ්‍ය වුවහොත් මෙම කප්පාදුව ක්‍රියාත්මක කරන බවද එම නිවේදනයේ දැක්වේ.
881 Views
Comments