ඉඩම් ආරවුල දිග්ගැස්සී තමා පණමෙන් රැකගත් මුණුබුරාගේම පිහිපහරින් අත්තම්මා එතැනම මරුට
For Sri Lankan's Overseas
Latest_News
calendar
SEP
20

ඉඩම් ආරවුල දිග්ගැස්සී තමා පණමෙන් රැකගත් මුණුබුරාගේම පිහිපහරින් අත්තම්මා එතැනම මරුට

ඉඩම් ආරවුල දිග්ගැස්සී තමා පණමෙන් රැකගත් මුණුබුරාගේම පිහිපහරින් අත්තම්මා එතැනම මරුට

නිවස අසල අතුරු මාර්ගයේ සිය දහස්වරක් ඇවිද යමින් නැලවිලි ගී ගයමින් ඇකයේ උකුලේ හොවා සුරතල් කරමින් පණ මෙන් රැකබලා ගනිමින් ආදරය කර හදා වඩා ගත් තම මුණුබුරාගේම පිහි පහරින් එම මාර්ගයේම ඇද වැටී මියැදෙන්නට තරම් අවසනාවන්ත වූ මිත්තණියකගේ ශෝකජනක ඉරණමක් පිළිබඳව වැලිවේරිය පොලිසියෙන් වාර්තාවුණි.

 

කුඩුමිරිස්ස ලන්දවත්ත, නැදුන්ගමුව යන ලිපිනයෙහි පදිංචිව සිටි ඒ. එමලින් නෝනා නමැති හැත්තෑහතර හැවිරිදි කාන්තාවක් මෙසේ මරණයට පත්ව ඇත. 

 

ඇයට පහරදී මරා දමා ඇතැයි සැකකරනු ලබනුයේ ඇගේම මුණුබුරා වන තිස්අට හැවිරිදි ජගත් රෝහාන් නමැති අවිවාහකයෙකි. 

 

මියගිය අයගේ දියණියක් වන කාන්ති පෙරේරා නැමැත්තිය ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවැතී මරණ පරීක්ෂණයේදී සාක්ෂි දෙමින් පවසා සිටියේ

“මගේ අම්මගෙයි පුතාගෙයි ඉඩම් ආරවුලක් නිසා ඇතිවූ රණ්ඩුවක් දිගු කලක පටන් තිබුණා.

එදත් උදේ ඉදන්ම අපේ අම්මයි මගේ පුතාගෙයි ඒ රණ්ඩුව යළි ඇතිව තිබුණා. සවසත් රණ්ඩුව තිබුණා.

පසුව ඉස්තෝපුවේ අම්ම ඉන්දැද්දී පුතා අම්මට පුටුවකින් ගැසුවා. වෙලාව තුන හමාරට විතර ඇති.

මම ඒ දෙන්නව බේරන්න උත්සාහ කළා. ඒ වෙලාවේ අම්මා ගෙදර ඉස්සරහ පාරට දිව්වා. පුතාත් පස්සෙන් දිව්වා.

පසුව අම්මා පාර මැද මැරී වැටී සිටියා. 

යනුවෙනි.

views

789 Views

Comments

arrow-up