කොරෝනා එන්නත් නුසුදුසු අය මෙන්න
For Sri Lankan's Overseas
Latest_News
calendar
MAY
29

කොරෝනා එන්නත් නුසුදුසු අය මෙන්න

කොරෝනා එන්නත් නුසුදුසු අය මෙන්න

මේ වන විට දිවයිනේ විවිධ ප්‍රදේශවල එන්නත් කරන වැඩසටහන් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. නමුත් ඇතැම් පුද්ගලයින් එන්නත ලබා ගැනීමට බියක් දක්වන බව ද වාර්තා වනවා.

 

මේ හේතුවෙන් කොරොනා එන්නත ලබාගත හැක්කේ කාහටද ? ආසාත්මිකතා ඇත්නම් එන්නත ලබාගත නොහැකිද ? නොඑසේ නම් එන්නත ලබා ගත නොහැක්කේ කෙබඳු ආසාත්මිකතා ඇති අයටද ? යනුවෙන් විමසා බැලීමට අප කටයුතු කළා.

 

"ඔබට ලබාදෙන එන්නතෙහි අඩංගු ඕනෑම සංඝටකයකට ඔබ මින් පෙර දරුණු ආසාත්මිකතා තත්ත්වයන් ඇතිවී තිබෙනවා නම්, ඔබ එන්නත ලබා ගැනීම සුදුසු නොවේ."

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජෛව විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා BBC පුවත් සේවයට ප්‍රකාශ කර තිබුණා.

 

එමෙන්ම ඔබට එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පසුව යම් ආසාත්මිකතාවක් ඇති වූයේ නම් එහි දෙවන මාත්‍රාව ඔබ ලබා නොගත යුතුයි. තවද Aspirin, Paracetamol, Ibuprofen, Amoxicillin වැනි ඖෂධ වර්ග වලට ආසාත්මිකතා ඇතිවන අයට හෝ පරම්පරාවෙන් පවුලේ දරුණු ආසාත්මිකතා ඉතිහාසයක් ඇති පුද්ගලයන්ට එන්නත ලබා ගැනීම ගැටලුවක් නොවේ.

 

මීට පෙර ඔබට එන්නත් කරණයේදී යම් ආසාත්මිකතා ඇති වී තිබෙනවා නම් කොරෝනා එන්නතක් ලබා ගැනීමට ඔබ සුදුසුදැයි ඔබේ පවුලේ වෛද්‍යවරයාගෙන් විමසා දැනගත හැකියි. එවිට ඔහු ඔබට එන්නත ලබා ගැනීම ආරක්ෂිත ද නොඑසේනම් අනාරක්ෂිත දැයි පවසනු ඇත.

 

එන්නත ලබා ගැනීමෙන් පසුව විනාඩි 15ක නිරීක්ෂණ කාලයක් තුළ ඔබට ආසාත්මිකතා හට ගැනීම පිළිබඳ නිරීක්ෂණය කෙරෙනු ඇත.

 

මෙහිදී අසාත්මිකතා හටගන්නේ ඉතාම කලාතුරකිනි. එබැවින් එන්නත ලබාගැනීමට බිය නොවන්න.

 

( එන්නත් ලබා ගැනීමෙන් පසුව ඔබට ඇතිවන උණ, වමනය, ක්ලාන්ත ගතිය, ශරීරය පණ නැති බව දැනෙන ගතිය ආසාද්මිකතා නොවේ.)

 

එමෙන්ම මෙරට වයස අවුරුදු 16 ට වැඩි ඕනෑම පුද්ගලයෙකුට කොරෝනා එන්නත් ලබා දෙනු ලැබේ.

 

 

views

1372 Views

Comments

arrow-up