පාසල් දැරියන්ට අමුතු ආකාරයට දුරකථනයෙන් ප්‍රජනණ පාඩම ඉගැන්වූ දෙදරු පියා දැළේ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
10

පාසල් දැරියන්ට අමුතු ආකාරයට දුරකථනයෙන් ප්‍රජනණ පාඩම ඉගැන්වූ දෙදරු පියා දැළේ

පාසල් දැරියන්ට අමුතු ආකාරයට දුරකථනයෙන් ප්‍රජනණ පාඩම ඉගැන්වූ දෙදරු පියා දැළේ

ගුරුවරයකු ලෙස පෙනී සිටිමින් ජංගම දුරකථනය හරහා පාසල් දැරියන්ගෙන් ලිංගික අවයව පිළිබඳ විමසීම් කළ දෙදරු පියෙකු අත්අඩංගුවට ගෙන ඇති පිටිගල පොලිසිය පවසයි.


 
 අත්අඩංගුවට ගත් පුද්ගලයා බොරළුහේන, ගංඉම ප‍්‍රදේශයේ පදිංචි 29 වැනි වියේ පසුවන විවාහයෙන් වෙන්වූ අයෙකි. 

 

මෙම පුද්ගලයා පාසල් දැරියන්ගේ දුරකථන අංක සොයාගෙන සිය ජංගම දුරකථනය මගින් කතාකොට සෞඛ්‍ය පාඩමක් උගන්වන මුවාවෙන් ලිංගික අවයව හා පද්ධති පිළිබඳ විමසා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. 

 

 පාසල් දැරියන් 06 දෙනකු විසින් මෙම පුද්ගලයාට එරෙහිව පොලිසියට පැමිණිලිකොට ඇති බවද පොලිසිය පවසයි. 


 
 ලිංගික අතවර කිරීමේ චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර මොහු පාසල් දැරියන්ට කතාකොට ස්ත‍්‍රී හා පිරිමි ලිංගික අවයව පද්ධති පිළිබඳ විමසා ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


 
 සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

views

790 Views

Comments

arrow-up