මහා පරිමාණ සෙල්ලම් බඩු ව්‍යාපාරිකයා ඇඳමත අභිරහස් ලෙස මියයයි - අභිරහස සොයා පරීක්‍ෂණ
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

මහා පරිමාණ සෙල්ලම් බඩු ව්‍යාපාරිකයා ඇඳමත අභිරහස් ලෙස මියයයි - අභිරහස සොයා පරීක්‍ෂණ

මහා පරිමාණ සෙල්ලම් බඩු  ව්‍යාපාරිකයා ඇඳමත අභිරහස් ලෙස මියයයි - අභිරහස සොයා පරීක්‍ෂණ

මහා පරිමාණයෙන් සෙල්ලම් බඩු බෙදා හැරීමේ නිරත ව්‍යාපාරයෙකුගේ මළ සිරුර නිවසේ ඇඳ මත තිබියදී කොට්ටාව පොලිසිය විසින් සොයා ගෙන තිබේ.


 
 මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත්තේ හෝකන්දර පාර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ තන්ත‍්‍රිගේ සරත් පෙරේරා නමැති හැට හත්(67) හැවිරිදි අවිවාහකයෙකි.


 
 ඔහු කුළී පදනම මත ලබාගත් මෙම නිවසේ සිට ව්‍යාපාරික කටයුතු සිදු කරමින් තනිව වාසයකර ඇති අතර මෙම තැනැත්තා පෙරේදා(30) අසල්වැසි නිවසක පිරිමි ළමයෙකු සමඟ කතා කරමින් සිට “කෑම කන්න ඕනෑ” යැයි පවසා නිවස තුලට ගොස් ඇත.


 
 පසුදා උදෑසන මෙම තැනැත්තා නිවසේ දොර හැරදමා තිබුණද වෙනදා මෙන් නොපැමිණි නිසා අසල්වැසි පිරිමි ළමයා දුරකතනයෙන් ඔහුගේ සහෝදරියක අමතා මේ පිළිබඳව දන්වා ඇත.

 

අනතුරුව ඔවුන්ගේ දැනුම්දීම මත කොට්ටාව පොලිසියේ නිලධාරීන් පැමිණ නිවස පරීක්ෂා කිරීමේදී නිවසේ කාමරයක් තුල ඇඳක තිබූ මෙම ව්‍යාපාරිකයාගේ මළ සිරුර හමුවී ඇත.

 

හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා සිරුර පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අතර කොට්ටාව පොලිසියේ පො. සැ. (58870) රංජිත් මහතා පරීක්ෂණ මෙහෙයවීය.

views

16864 Views

Comments

arrow-up