දිස්ත්‍රික්ක රැසකට අදත් මි. මි 100 ඉක්මවූ ඉතා තද වැසි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JAN
15

දිස්ත්‍රික්ක රැසකට අදත් මි. මි 100 ඉක්මවූ ඉතා තද වැසි

දිස්ත්‍රික්ක රැසකට අදත් මි. මි 100 ඉක්මවූ ඉතා තද වැසි

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.

 

නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක් පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

 

සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර බස්නාහිර සහ සබරගමුව පළාතවලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තරමක් තද වැසි ද ඇති විය හැක.

 

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැක.

 

ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

 

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

 

පුත්තලම සිට කන්කසන්තුරය සහ ත්‍රිකුණාමලය හරහා හම්බන්තොට දක්වා මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (30-40) පමණ වේ.

 

සෙසු මුහුදු ප්‍රදේශවල වල සුළං නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළගේ වේගය පැ.කි.මී. (15-25) පමණ වේ.

 

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 පමණ දක්වා ඉහළ යාමට හැකියාවක් පවතී.

 

පුත්තලම සිට කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැක.

 

දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ මද වශයෙන්රළු විය හැක.

 

ගිගුරුම් සහිත වැසි ඇති වන විට තද සුළං සමඟ එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

 

 

 

views

606 Views

Comments

arrow-up