දරු මුනුබුරු මිනිපිරියන් 70ක් - 108 වන උපන්දිනය සැමරූ වඳුරඹ ඇල්බට්
For Sri Lankan's Overseas
Latest_News
calendar
AUG
19

දරු මුනුබුරු මිනිපිරියන් 70ක් - 108 වන උපන්දිනය සැමරූ වඳුරඹ ඇල්බට්

දරු මුනුබුරු මිනිපිරියන් 70ක් - 108 වන උපන්දිනය සැමරූ වඳුරඹ ඇල්බට්

දරු මුනුපුරු, මිනිපිරියන් හා තුන් මුනුපුරු මිනිපිරියන් හැත්තෑවක් පමණ සිටින වයස අවුරුදු 108ක් වන දරුවන් එකොළොස් දෙනෙකුගේ පියෙකු වඳුරඹ, ලේල්වල, “අභය” නිවසේ පදිංචිව සිටියි.

 

නමින් ඔහු ඇල්බට් අබේගුණවර්ධනය. 

 

 1915 අගෝස්තු 17 දින වඳුරඹදී උපත ලබා ඇති ඔහු ජීවන ගමනේ 107 කඩඉම පසුකරමින් ඉකුත් 17 වැනි දින 108 වැනි වියට පා තැබීය. 

 

ජීවනෝපාය ලෙස වඩු කර්මාන්තය හා ගොවිතැන් කටයුතුවල නියැලි ඒ මහතා ඇල්බට් වඩු මහත්තයා නමින් ගම්වාසීන් අතර ප්‍රකට චරිතයකි. ඇල්බට් මහතා 1942 වසරේ ලීලාවතී විජේගුණවර්ධන මහත්මිය සමඟ යුග දිවියට පිවිසි අතර මෙකී යුවළට දූ දරුවන් 11 දෙනෙකි.

 

මෙකී යුවළගේ වැඩිමහල් පුතුද මේ වනවිට 79 දිවියේ පසුවෙයි. 

 

මෙම යුවළගේ දුවාදරුවන් සියලු‍දෙනා නොයෙකුත් වැදගත් රැකියා හා ව්‍යාපාර කටයුතුවල නිරත වෙමින් රටට වැඩදායී ලෙස ජීවත්වෙයි. ඇල්බට් යුවළට මුනුපුරු, මිනිපිරියන් හා තුන් මුනුපුරු මිනිපිරියන් හැත්තෑවක් පමණ සිටී. ඔවුන්ද සමාජයේ පිළිගත් වෘත්තීන්වල නියැළෙමින් ජීවිකාව කරගෙන යති. ඇල්බට් මහහා හා ලීලාවතී යුවළ වඳුරඹ ලේල්වල පිහිටි පවුලේ මහ ගෙදර තම කණිෂ්ඨ පුතුගේ පවුලේ සාමාජිකයන් සමග ජීවත්වේ. ඔවුන් වයෝවෘද්ධ තම දෙමාපියන්ට හොඳින් සලකමින් ජීවත්වෙති.


ඇල්බට් අබේගුණවර්ධන මහතා ලංකා ඉතිහාසයේ පැවැති සියලු‍ම මැතිවරණවලදී ඡන්ද පාවිච්චි කළ අයෙකු බැව් ඔහු පවසන්නේ උද්දාමයෙනි. තවද ගමේ වවන භව භෝග පමණක් තම ආහාරය සඳහා භාවිතා කරන බැවින් ඇල්බට් මහතාට දීර්ඝ කාලීන ලෙඩ රෝග නොමැති බව ද ඔහු පවසයි. 

 

ඉතාම ධර්මානුකූල ජීවිතයක් ගෙවන ඇල්බට් මහතා තම උපන් ගම් පියසින් බැහැරව ජිවත්වීමට කැමැත්තක් නොමැති අතර, තම දරුවන් විදේශගතව ජිවත් වන නමුදු එම රටවල් වලට යෑමට ප්‍රිය නොකරයි. තම බිරිඳ සමඟින් ජීවිත කාලයේම මුල් නිවසේ ජීවත්වීම ඒ මහතාගේ අරමුණ බැව් දුවා දරුවන් පවසති.

views

254 Views

Comments

arrow-up