කරන්ට් නැති අතරේ හොරෙන්ම තෙල් ඇද්ද පිරවුම්හල් කළමනාකරු මාට්ටු
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
18

කරන්ට් නැති අතරේ හොරෙන්ම තෙල් ඇද්ද පිරවුම්හල් කළමනාකරු මාට්ටු

කරන්ට් නැති අතරේ හොරෙන්ම තෙල් ඇද්ද පිරවුම්හල් කළමනාකරු මාට්ටු

මසකට ආසන්න කාලයක් ඉන්ධන නොමැතිව බව දන්වා වසා තිබූ මග්ගොන ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු පසුගිය 16වනදා රාත්‍රියේ විදුලිය විසන්ධිව ඇති මොහොතේ පෙට්‍රල් තොගයක් පිරවුම්හලේ සිට ත්‍රීරෝද රථයකින් රැගෙන යමින් සිටියදී ප්‍රදේශවාසීන් පිරිසක් ලු‍හුබැඳ ගොස් අල්ලා පයාගල පොලිසියට භාරදී තිබේ.

 

මෙලෙස භාරදී තිබෙන්නේ බේරුවල, මාගල්කන්ද ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවත් ඔහු මග්ගොන ඉන්ධන පිරවුම්හලේ කළමනාකරු බවත් පොලිසිය කියයි.

 

පසුගිය ජුනි 20 වනදා සිට මග්ගොන ඉන්ධන පිරවුම්හලෙන් ඩීසල් හෝ පෙට්‍රල් නිකුත් කර නොමැති අතර එහි භූගත ටැංකියක තිබූ පෙට්‍රල් මෙලෙස රැගෙන යන්නට ඇති බවට සැක කරන බව පොලිසිය සඳහන් කරයි.

 

සැකකරුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම කෙසේ වුවද භූගත ටැංකිවල තවත් පෙට්‍රල් ඇත්නම් තමන්ට ලබාදෙන ලෙස විශාල පිරිසක් ඉල්ලා සිටිමෙන් පසු භූගත ටැංකි පරීක්ෂා කළ පොලිසිය එහි තිබූ පෙට්‍රල් ලීටර් 200කට අධික ප්‍රමාණයක් තිබී බෙදාදී ඇත.

views

269 Views

Comments

arrow-up