ගාලික් බ්‍රෙඩ් ගෙදර හදන හැටි
For Sri Lankan's Overseas
Latest_News
calendar
JUL
03

ගාලික් බ්‍රෙඩ් ගෙදර හදන හැටි

ගාලික් බ්‍රෙඩ් ගෙදර හදන හැටි

මේ සූදානම් වෙන්නේ සුදුලූනු වලින් රසවත් පාන් එකක් හදන විදිය ගැන කියලා දෙන්න.

අවශ්‍ය දේවල්:
• පාන් පිටි කෝප්ප 1 ½
• කිරි කෝප්ප 1/4
• සීනී තේ හැදි 1
• යීස්ට් තේ හැදි 1
• පොල් තෙල් තේ හැදි 1
• ලුණු පොඩ්ඩක්
• බටර් මේස හැදි 2
• පොඩියට කපාගත්ත කොත්තමල්ලි කොළ මේස හැදි 2
• පොඩියට කපාගත්ත සුදු ළුණු බික් 3

සාදාගන්නා ආකාරය:
මුලින්ම ලොකු භාජනයක් අරගෙන ඒකට කිරියි සීනියි යීස්ටුයි දාලා කලවම් කරගෙන විනාඩි 5ක් විතර යීස්ට් ටික පිපෙන්න තියා ගන්න. විනාඩි 4-5කට පස්සෙ කිරි වලින් පෙණ වගේ අවිත් තියනවනම් ඒ කියන්නෙ යීස්ට් ටික පිපිලා. ඊළගට මේ යීස්ට් එකට පිටියි ලුණු පොඩ්ඩකුයි එකතු කරලා හොදට අතින් අනාගන්න. ඊට පස්සෙ තෙල් ටිකකුත් මේකට එකතු කරලා හොදට මෘදු බෝලයක් වෙනකම් අනා ගන්න. මේක හොදට බෝලයක් වගේ වෙනකම් හදාගන්න ඕනෙ. දැන් මේ අනාගත්ත පිටි බෝලය තියන භාජනේ ලන්ච් ෂීට් එකකින් වගේ වහගෙන පැය 2ක් විතර පැත්තකින් තියලා තියන්න.

පැය 2කට පස්සෙ මේ මිශ්‍රණය හොදට පිපිලා තියනවා. ඊට පස්සෙ මේ පිටි මිශ්‍රණය අරගෙන අතින් පොඩ්ඩක් තද කරගන්න ඕනෙ. එහෙම කරන්නෙ වාතය වගේ මේකෙ තියනවනම් ඒවා අයින් වෙන්න. ඊට පස්සෙ පිටි බෝලය අරගෙන ලෑල්ලක් උඩින් තියලා පොඩ්ඩක් තුනී කරගන්න. රොටී වගේ ගොඩක් තුනී කරන්න එහෙම යන්න එපා. මේ විදියට පොඩ්ඩක් තුනී කරගත්තට පස්සෙ පිටි මිශ්‍රණය සිලින්ඩරාකාර හැඩේකට රෝල් කරගන්න ඕනෙ. මේක ගැළවෙන්නෙ නැති වෙන්න කරගන්න.

දැන් අවන් එකට දාන්න පුළුවන් ට්‍රේ එකක් අරගෙන ඒකට තෙල් කොළයක් දාලා මේ හදාගත්ත පිටි බෝලය ඒක උඩින් තියලා ලන්ච් ෂීට් එකකින් වහගෙන පැයක් විතර ආයෙමත් පැත්තකින් තියාගන්න. පැයකට පස්සෙ පිටි බෝලය අරගෙන ඒකෙ උඩින් කිරි පොඩ්ඩක් ගාගන්න. මෙහෙම් ගෑවහම පාන් එකට ලස්සන පාටක් එනවා. මේ වැඩේට පොඩි බ්‍රෂ් එකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්.
දැන් හොදට කැපෙන පොඩි පිහියක් අරගෙන මේ පිටි බෝලයෙ පොඩි කැපුම් පාරවල් ටිකක් දාගන්න. මේ වැඩේ තේරුනේ නැත්නම් පල්ලෙහා දාලා තියෙන ෆොටෝ ටික බලන්න. ඊට පස්සෙ 180°C උෂ්ණත්වයට විනාඩි 20ක් විතර මේක බේක් කරගන්න. අපි කලින් කිරි පොඩ්ඩක් ගාපු නිසා ලස්සන රන්වන් පාටක් මේක බේක් වුනාම තියනවා.


මේ විදියට බේක් කරගත්ත පාන් එක ටික වෙලාවල් නිමෙන්න තියලා අරගෙන කෑලි වෙන් වෙන්නෙ නැති විදියට දික් අතට පෙති වගේ කපා ගන්න. ඊට පස්සෙ භාජනයක් ඇරන් ඒකට බටර්, කොත්තමල්ලි කොළ, සුදු ළුණු, දාලා බටර් ටික දිය වෙනකම් හොදට කලවම් කරගන්න. මෙහෙම ඒ මිශ්‍රණය දාගත්තට පස්සෙ මේ පාන් එක ඇලුමිනියම් කොළයක ඒ කියන්නෙ ෆොයිල් කොළයක ඔතලා අවන් එකට දාලා විනාඩි 10ක් විතර බේක් කරගන්න.

views

580 Views

Comments

arrow-up