MAR
26
අයි.පී.එල් ක්‍රිකට් සැණකෙළිය අද ඇරඹෙයි

2022 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මුම්බායි නුවර වන්කඩේ ක්‍රීඩාංගනයේදි අද (26) ඇරඹීමට නියමිතයි.
ඒ අනුව තරගාවලිය අරඹමින් පළමු තරගය පසුගිය වර ශූරයන් වූ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අතර ප.ව 7.30ට ආරම්භවීමට නියමිතව තිබේ.
චෙන්නායි කණ්ඩායම සුපිරි නායක මහෙන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයට සමුදී රවීන්ද්‍ර ජඩේජාගේ නායකත්වය යටතේ තරගාවලියට ප්‍රවිශ්ඨ වන අතර කොල්කටා කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ යොවුන් ක්‍රීඩක ශර්යස් අයියර් විසින්.
616 Views
Comments