විදුලි බිල් ගෙවීමට සහන කාලයක්

සති දෙකකට වඩා හුදකලා කර ඇති ප්‍රදේශවල පාරිභෝගිකයින්ගේ විදුලි බිල්පත් ගෙවීම සදහා මාස 6ක සහන කාලයක් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ අනුව ගෘහස්ථ, වාණිජ සහ කාර්මික විදුලි පාරිභෝගිකයින්ට එම කාලසීමාවට අදාළ විදුලි බිල්පත් නිරවුල් කිරීම සදහා බිල්පත් දිනයේ සිට මාස 6ක සහන කාලයක් ලබාදීමට නියමිතයි.
මීට අමතරව ජාතික චිත්‍රපට සංස්ථාවේ ලියාපදිංචි සිනමා ශාලාවල පසුගිය වසරේ මාර්තු මස සිට දෙසැම්බර් මස දක්වා වන විදුලි බිල්පත් දිනයේ සිට සමාන වාරික 12කින් නිරවුල් කිරීම සදහා අවස්ථාව සලසා දී තිබේ.
මේ අතර සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි නවාතැන්පොළවල්වල ද පසුගිය මාර්තු පළවැනිදා සිට මෙම වසරේ පෙබරවාරි මස 28 වැනිදා දක්වා එකතු වී ඇති විදුලි බිල්පත් සමාන වාරික 12කින් නිරවුල් කිරීම සදහා අවස්ථාව ලබාදීමට නියමිතයි.
සහන කාලය අවසන් වන තෙක් විදුලි සැපයුම් විසන්ධි නොකිරීමටද තීරණය කර තිබෙනවා
628 Views
Comments